මීතොටමුල්ලේ සිදුකළ හදිසි සෝදිසි මෙහෙයුමකින් 26 දෙනෙකු අත්අඩංගුවට

වැල්ලම්පිටිය, මීතොටමුල්ල ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (18) රාත්‍රියේ හදිසි සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිළිබඳව මෙන්ම වෙනත් අපරාධ සම්බන්ධයෙන් පොලීසියට ලැබුණු තොරතුරු අනුව මෙම හදිසි සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක කළ බවයි සඳහන් වන්නේ.

එහිදී, පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය, ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ පොලිස් විශේෂ යතුරුපැදි කණ්ඩායම්ද එම සෝදිසි මෙහෙයුමට සම්බන්ධ වී තිබෙනවා.

මෙම මෙහෙයුමේදී  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නිවාස හදිසි පරික්ෂාවට ලක් කළ අතර, එහිදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් පුද්ගලයන් 26 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි සඳහන් වන්නේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (19)  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.