යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව යටතේ, බලශක්ති කටයුතු පිළිබඳ අනුකාරක සභාවක් පත්කර තිබෙනවා.
ඒ අනුව, එම බලශක්ති කටයුතු පිළිබඳ අනුකාරක සභාවේ සභාපති ධුරය සඳහා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා පත් කර ඇති බවයි සඳහන් වන්නේ.
යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර්ගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබුවා.
ශ්‍රී ලංකා විදුලිබල (සංශෝධන) පනත් කෙටුම්පත පිළිබඳව කාරක සභාවේදී සළකා බැලීමෙන් අනතුරුව මෙම අනුකාරක සභාව පත් කිරීම සිදු කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.