නේපාලය විසින් ටෙලිග්‍රෑම් (Telegram) පණිවිඩකරණ යෙදුම තහනම් කර ඇති බව එරට විදුලි සංදේශ නියාමන ආයතනය ඊයේ (18) නිවේදනය කරනු ලැබුවා.
ඒ මාර්ගගත වංචා සහ මුදල් විශුද්ධිකරණ ක්‍රියා වැඩිවීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
නේපාල විදුලි සංදේශ අධිකාරිය (NTA) නිවේදනයක් නිකුත් කරමින් සියලුම අන්තර්ජාල සේවා සපයන්නන්ට මෙම වේදිකාවට ප්‍රවේශය වහාම සීමා කරන ලෙස උපදෙස් ලබා දී තිබෙනවා.
එහිදී, නේපාල විදුලි සංදේශ අධිකාරිය සඳහන් කරන්නේ අපරාධ ක්‍රියා සඳහා ටෙලිග්‍රෑම් වඩ වඩාත් අනිසි ලෙස භාවිතා වන බවයි.
රුසියානු සම්භවයක් ඇති පාවෙල් (Pavel) සහ නිකොලායි දුරොව් (Nikolai Durov) සහෝදරයන් විසින් 2013 දී දියත් කරන ලද ටෙලිග්‍රෑම් යනු ප්‍රබල සංකේතනය, පෞද්ගලිකත්ව විශේෂාංග සහ විශාල කණ්ඩායම් කතාබස් (group chats) හා විකාශන නාලිකා (broadcast channels) සඳහා සහය දක්වන ක්ලවුඩ් පාදක පණිවිඩකරණ යෙදුමක්.