දැඩි සුළඟට හසුවූ ධීවරයෙකු අතුරුදන්

බේරුවල ධීවර වරායෙන් මුහුදු ගොස් නැවත පැමිණෙමින් සිටි බහු දිනයාත්‍රාවක ධීවරයෙකු මුහුදටට වැටී අද (19) අතුරුදහන්ව ඇතැයි බේරුවල පොලිසිය පවසනවා.

මෙසේ අතුරුදහන්ව ඇත්තේ බේරුවල පැපිලිය ගහලන්ද සුනාමි නිවාස සංකීර්ණයේ පදිංචිවව සිටි ධීවරයෙක්.

සුබ පැතුම් නැමැති බහුදිනයාත්‍රාව ඈත දියඹේ සිට බේරුවල ධීවර වරාය දක්වා පැමිණීමේදී හටගෙන තිබූ දැඩි සුළං හේතුවෙන් මෙම අනතුර සිදුව තිබෙන බවත්, යාත්‍රාව ගොඩට පැමිණි පසු ඒසම්බන්ධයෙන් සෙසු ධීවරයන්ගෙන් ප්‍රකාශ සටහන් කර විමර්ශන සිදු කරන බවත්, බේරුවල පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා සඳහන් කළා.