තලංගම පොලිස් වසමේ තලවතුගොඩ පිහිටි සාමාජ ශාලාවකින් පිටතටදී අද (19) අලුයම ව්‍යාපාරිකයෙකු හා සුරාබදු නිලධාරියෙකු තර ඇති වූ බහින් බස්වීමක් දුර දිග යාම හේතුවෙන් ඇති වූ ආරවුලක් නිසා ව්‍යාපාරිකයා විසින් තමා සතුව තිබූ බලපත්‍ර සහිත රිවෝල්වර වර්ගයේ ගිනි අවිය සුරාබදු නිලධාරියා වෙත එල්ල කර තිබෙනවා.
එහිදී සුරාබදු නිලධාරියා විසින් ඔහුගෙන් එම ගිනි අවිය උදුරාගෙනවිත් අසල පිහිටි තාප්පයක් වෙත උණ්ඩ 04ක් එල්ල කර ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් තලංගම පොලිස් ස්ථානය වෙත දැනුම් දීමෙන් අනතුරුව එම ස්ථානය වෙත ගිය තලංගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් එම උණ්ඩ සහිත රිවෝල්වර ගිනි අවිය හා සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම වෙඩි තැබිමේ සිද්ධියෙන් කිසිවෙකුටත් ජිවිත හානියක් සිදුවී නොමැති අතර, මෙම සිදුවීම සම්බන්ධයෙන් තලංගම පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.