ඉන්දීය නළු රවී මෝහන්, ගායිකා කෙනිෂා ෆ්‍රැන්සිස් සහ අමාත්‍ය විජිත හේරත් අතර හමුවක්

ජනප්‍රිය ඉන්දීය නළුවෙකු සහ නිෂ්පාදකයෙකු වන රවී මෝහන් සහ ගායිකා කෙනිෂා ෆ්‍රැන්සිස් මෙන්ම විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් හමුවක් අද (19) උදෑසන සිදුව තිබෙනවා.

ට්විටර් පණිඩියක් නිකුත් කරමින් අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව තුළ චිත්‍රපට සංචාරක ව්‍යාපාරය නංවාලීම අරමුණු ක‍රගෙන සාකච්ඡාවක නිරත වූ බවයි.

එමෙන්ම, ඉදිරියේ දී මෙරට සංචාරක ස්ථාන සහ ශ්‍රී ලංකාවේ පොහොසත් සංස්කෘතිය ප්‍රවර්ධනය කරන චිත්‍රපට නිෂ්පාදනය සහ සංගීත ප්‍රසංග ව්‍යාපෘති පිළිබඳව ද අවධානය යොමුව තිබෙනවා.

ශ්‍රී ලංකාවේ තිබෙන සිත් ඇදගන්නාසුළු ස්ථාන වෙත ආකර්ශනීය කතා සහ විදෙස් නිෂ්පාදනය වැඩි වශයෙන් ගෙන්වා ගැනීමටා එහිදී අවධානය යොමුකළ බවයි එම ට්විටර් පණිවුඩයේ සඳහන්.