වසරේ මේ දක්වා රුපියලේ අවප්‍රමාණය 3% ක්

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඊයේ (18) දිනය වන විට 3% ක අවප්‍රමාණයක් පෙන්වා තිබෙනවා.

ගතවූ සතිය තුළ, ප්‍රාථමික වෙළඳපොලේ භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර අනුපාත සුළු වශයෙන් වැඩි වූ අතර ද්විතීයික වෙළඳපොළ අනුපාත පුළුල් ලෙස ස්ථාවරව පැවතියා.

විදේශ ආයෝජකයින් විසින් දරන ලද බිල්පත් සහ බැඳුම්කර රුපියල් වටිනාකම පෙර සතියට සාපේක්ෂව 3% කින් වැඩිවී ඇති බවයි සතිපතා ආර්ථික දත්ත වාර්තාව දක්වමින් මහ බැංකුව ප්‍රකාශ කළේ.

සතිය තුළ බිල්පත් සහ බැඳුම්කර සඳහා වූ වෙන්දේසිවල, පිළිවෙලින් ආසන්න වශයෙන් 1.8 ක සහ 1.6 ගුණයක අධිදායකත්ව අනුපාත දක්නට ලැබුණා.