මෙරට අධ්‍යාපන පද්ධතියේ සිදු කිරීමට නියමිත ප්‍රතිසංස්කරණ යටතේ අ.පො.ස උසස් පෙළ විභාගය විෂය ධාරා 05 ක් යටතේ පැවැත්වීමට යෝජනා කර තිබෙනවා.
ඒ අනුව, විද්‍යාව, තාක්ෂණය, කළමණාකරණය හා ව්‍යවසායකත්වය, මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාව, සහ වෘත්තීය ප්‍රවේශය යන විෂය ධාරා අතරින් එකක් තෝරාගෙන අධ්‍යාපනය ලැබීමට සිසුන්ට අවස්ථාව ලැබෙන අතර, තෝරාගන්නා විෂය ධාරාවෙන් විෂයන් 03 ක් සිසුන්ට තෝරාගත හැකි වනවා.
මීට අමතරව ඉංග්‍රීසි භාෂාව සහ GIT විෂයන් අනිවාර්ය විෂයන් බවට පත්කිරීමටත් යෝජනා කර තිබෙනවා.
නව ප්‍රතිසංස්කරණ යටතේ විද්‍යා විෂය කාණ්ඩය සඳහා පරිගණක විද්‍යාව (Computer Science), දත්ත විද්‍යාව (Data Science) සහ ධීවර සහ සාගර විද්‍යාව ලෙස නව විෂයන් තුනක් හඳුන්වා දී තිබෙන අතර, තාක්ෂණ විෂය ධාරාව සඳහාද ගුවන් සේවා අධ්‍යයන (Aviation Studies) නමින් අලුතින් විෂයක් හඳුන්වා දී තිබෙනවා.
එමෙන්ම මෙතෙක් වාණිජ විෂය ධාරාව ලෙස නම් කර තිබූ විෂය ධාරාව කළමණාකරණය හා ව්‍යවසායකත්වය ලෙස වෙනස් කර ඇති අතර, වාණිජ විෂයන්ට අමතරව ව්‍යවසායකත්වය සහ මූල්‍ය සාක්ෂරතාව සහ සැපයුම් දාම කළමනාකරණය (Supply Chain Management) ලෙස නව විෂයන් හඳුන්වා දී තිබෙනවා.
තවද, නව ප්‍රතිසංස්කරණ යටතේ මෙතෙක් කලා විෂය ධාරාව ලෙස නම් කර තිබූ විෂය ධාරාව මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යාව ලෙස නම් කර තිබෙනවා.
එමෙන්ම මෙම නව ප්‍රතිසංස්කරණ යටතේ උසස් පෙළට නව විෂය ධාරාවක් ලෙස වෘත්තීය ප්‍රවේශය හඳුන්වා දී තිබෙන අතර, සිසුන්ට එහිදී වෘත්තීය මට්ටමේ අධ්‍යාපනය ලැබිය හැකි ක්ෂේත්‍ර ඔස්සේ විෂයන් 05 ක් හඳුන්වා දී තිබෙනවා.
විශේෂම කරුණක් ලෙස, නව ප්‍රතිසංස්කරණ හරහා සිසුන්ට ඔවුන් තෝරාගන්නා විෂය ධාරාවේ හෝ අනෙකුත් විෂය ධාරාවක ඇති විෂයක් Module ලෙස හැදෑරීමටද අවස්ථාව ලැබී තිබෙනවා.
එමෙන්ම, මෙතෙක් පැවති Z-Score ක්‍රමය වෙනුවට සාමාන්‍ය පෙළ සඳහා හඳුන්වාදෙන Credit ක්‍රමය හඳුන්වාදීමට ද නියමිතයි.
<em>උසස් පෙළ සඳහා යෝජනා වී ඇති විෂය ධාරා සහ අදාල විෂයන්</em>