හිටපු ඇමතිනී චන්ද්‍රාණී බණ්ඩාරට එරෙහිව දූෂණ චෝදනා සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුව ලබන 28 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, විත්තිය විසින් ඉල්ලා සිටි ලේඛන භාරදීම සඳහා මෙම නඩුව යළි ලබන 28 වැනිදා කැඳවන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.
2019 ජනවාරි 14 සහ 2019 ජනවාරි 31 අතර කාල සීමාව තුළ, නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය නොකොට එච්.එම්. චන්ද්‍රවංශ නැමැත්තෙකු වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ධුරයට පත් කිරීම සහ සිය හිතවතුන් පිරිසක් නීත්‍යානූකූල නොවන ආකාරයට විවිධ තනතුරුවලට පත් කිරීම සඳහා එම අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළුව නිලධාරීන්ට බලපෑම් කිරීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍යවරියට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම අධි චෝදනා ගොනු කර තිබෙනවා.