පාකිස්ථානයේ අධික වර්ෂාවෙන් මිය ගිය සංඛ්‍යාව 63ක් තවත් 290ක් තුවාලයි

පාකිස්ථානයට ඇද හැළෙන අධික වර්ෂාවන් හේතුවෙන් පැය 24ක් තුළ පුද්ගලයින් 63ක් මිය ගොස් ඇති අතර තවත් 290 දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට ජාතික ආපදා කළමනාකරණ අධිකාරිය විදෙස් මාධ්‍යවලට සඳහන් කරනවා.

වාර්තා අනුව, මියගිය බොහෝ දෙනෙකු ගොඩනැගිලි බිඳ වැටීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇති අතර, ඇතැම් අය දියේ ගිලී හෝ විදුලි සැර වැදී මියගොස් තිබෙන පවසයි පවසන්නේ.

මෝසම් වැසි හමුවේ මේ වන විට පාකිස්ථානය පුරා වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 180කට ආසන්නයි.

මෙම දරුණු කාලගුණික තත්ත්වය හේතුවෙන් පන්ජාබ් ප්‍රාන්තයේ අධිවේගී මාර්ග කිහිපයක් වසා දමා ඇති අතර, ගුවන් ගමන් බොහෝමයක් අවලංගු කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.