කොළඹ සිට මඩකලපුව බලා අද (18) අලුයම ධාවනය වුණු දුම්රියේ වන අලියෙකු ගැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙම වන අලියා අද අලුයම 3.00 පමණ සිට මෙම ගම්මානයේ සැරිසරමින් සිටි බවත්, වන අලියා ප්රදේශයේ වී ගබඩාවලට පහර දී වී ආහාරයට ගන්නා බවයි ප්රදේශවාසීන් සඳහන් කළේ.
මෙලෙස මියගොස් ඇති වන අලියා වයස අවුරුදු 15ක් පමණ වන අතර, උස අඩි 08ක පමණ සත්ත්වයෙකු බවයි වනජීවී නිලධාරීන් සඳහන් කර සිටියේ.