කෙහෙළියට එරෙහි, රූපවාහිනී සංස්ථාවේ මුදල් අවභාවිතා කිරීමේ නඩුව ඔක්තෝබර් 28 කැඳවීමට නියෝග

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවක වැඩිදුර විභාගය ඔක්තෝබර් 28 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණය දින නියම කර තිබෙනවා.

ඒ අනුව, එම නඩුව අද (18) කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී, මෙම නඩුව මීට පෙර වෙනත් මහාධිකරණ විනිසුරුවරයෙක් ඉදිරියේ විභාගයට ගෙන තිබුණු බැවින්, එම සාක්ෂි මතම නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට පැමිණිල්ලේ සහ විත්තියේ නීතිඥවරු එකඟ වී තිබෙනවා.

ඒ අනුව, වැඩිදුර නඩු විභාගය ඔක්තෝබර් 28 වැනිදා යළි කැඳවීමට මහාධිකරණ විනිසුරුවරිය නියම කළ අතර, එදිනට සාක්ෂිකරුවන්ට අධිකරණය පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් නියෝග කර තිබෙනවා.

2014 වසරේ ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේදී, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා වැය කිරීම තුළින් ‘දූෂණය’ නමැති වරද සිදු කළ බවට හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.