මෙරටට පැමිණෙන විදේශිකයින් සඳහා තාවකාලික රියැදුරු බලපත් නිකුත් කිරීම ගුවන් තොටුපොළේදීම සිදු කිරීමට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා විශේෂ කවුළුවක් කටුනායක ගුවන් තොටුපොළේ ස්ථාපිත කිරීමට නියමිත බවයි එම අමාත්‍යංශය සඳහන් කළේ.
මේ වනවිට මෙරටට පැමිණෙන විදේශිකයන්ට තාවකාලික රියදුරු බලපත්‍ර ලබාගැනීම සඳහා වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයට යා යුතු වන අතර, මෙය කාලය හා මුදල් නාස්තියක් බවට පෙන්වා දීමෙන් අනතුරුව, මෙම තීරණය ගත් බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙම නව වැඩපිළිවෙල අගෝස්තු මස 03 වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.