කොළඹ කොටස් වෙළඳපොල ඒකක 96.85 කින් ඉහළට

කොළඹ කොටස් වෙළඳපොළේ (CSE) අද (18) දිනයේදී ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද ඒකක 96.85 කින් ඉහළ ගොස් ඇති අතර, එය ඒකක 18,973.70කින් අවසන්ව තිබෙනවා.

එමෙන්ම දිනය අවසානයේ පිරිවැටුම රුපියල් බිලියන 7.6 ක් බවයි කොළඹ කොටස් වෙළඳපොළ දෛනික වාර්තාවේ සඳහන් වන්නේ.