ඇල්ල – දෙමෝදර ආරුක්කු 9 පාලම හා ඒ අවට ප්‍රදේශය වෙත සංචාරකයින්ගේ ආකර්ෂණය වැඩි කර ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, රාත්‍රී කාලයේදී එම ප්‍රදේශයේ විදුලි ආලෝක පහන් දල්වා, සංචාරකයින් වෙත ආරුක්කු 9 පාලම හා ඒ අවට ප්‍රදේශය නැරඹීමට අවස්ථාව ලබාදීමට සැලසුම් කර ඇති බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර සඳහන් කළේ.
මෙහි වැඩිදියුණු කිරීම් සිදු කර, සංචාරක ආකර්ෂණය වැඩි වූ පසු, මෙම ස්ථානය නැරඹීමට යෑමේදී යම් මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවත්, දේශීය සංචාරකයින් සඳහා අවම මුදලක් අය කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කළා.
එළඹෙන අගෝස්තු මාසයේ සිට එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
