රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන තවදුරටත් අගෝස්තු 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ අනුව, එම නඩුව අද (18) කැඳවූ අවස්ථාවේදී අගෝස්තු 01 වැනිදාට පෙර ග්‍රාමීය මට්ටමෙන් සිටින සාක්ෂිකාර රජයේ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර අවසන් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය විසින් අල්ලස් කොමිසමට නියෝග කර ඇති බවයි සඳහන් වෙන්නේ.
2014 වසරේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ දිළිඳු ගොවීන් සඳහා සහනදායි මිල ගණන් යටතේ බෙදා දීමට, රුපියල් මිලියන 25ක මුදලක් වැයකර මිලදී ගනු ලැබූ බඩඉරිඟු බීජ, එම වසරේ පැවැති ජනාධිපතිවරණයේදී තමන්ට වාසියක් අත් කර ගැනීමේ අරමුණින් නීත්‍යානුකූල ක්‍රමවේදයට පටහැනිව තම හිතවතුන්ට හා ආධාරකරුවන් අතර බෙදාහැරීම තුළින් දූෂණය නැමති වරද සිදු කළේ යැයි හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට චෝදනා එල්ල වී තිබෙනවා.