සේවා අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකයට අනුව මේ වසරේ ජූනි මාසයේදී සේවා ක්‍රියාකාරකම්වල වේගවත් වර්ධනයක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එය මේ වසරේ ජූනි මාසයේදී දර්ශකාංක 61.9ක් වාර්තා කොට ඇත.
ව්‍යාපාර ක්‍රියාකාරකම් 2025 ජූනි මාසයේදී ඉහළ යෑම සඳහා අංශ කිහිපයක සිදු වූ වර්ධනයන් හේතු විය. ඒ අනුව, ණය දීම් ඉහළ යෑම හේතුවෙන් මූල්‍ය සේවා හා සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම් අඛණ්ඩව වර්ධනය විය.
වෘත්තීය සේවා, රක්ෂණ, ප්‍රවාහන, වෙනත් පෞද්ගලික සේවා සහ දේපොළ වෙළෙඳාම හා සම්බන්ධ ව්‍යාපාර ක්‍රියාකාරකම් ද ජූනි මාසය තුළ ධනාත්මක වර්ධනයක් වාර්තා කළේය. කෙසේ වෙතත්, ජූනි මාසය තුළ අනෙකුත් අංශවල ව්‍යාපාර ක්‍රියාකාරකම් බොහෝ දුරට නොවෙනස්ව පැවතිණි.
ප්‍රධාන වශයෙන්, මූල්‍ය සේවාවන්හි සිදු වූ වර්ධනයත් සමඟ 2025 ජූනි මාසයේදී නව ව්‍යාපාරවල ඉහළ යෑමක් දක්නට ලැබිණි.
සමාගම් කිහිපයක සිදු වූ බඳවා ගැනීම් හේතුවෙන් සේවා නියුක්තිය 2025 ජූනි මාසයේදී ඉහළ ගියේය. මේ අතර, නිම කිරීමට නියමිත කාර්යයන් පෙර මාසයට සාපේක්ෂව නොවෙනස්ව පැවතුණු බව ද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.