ආරච්චිකට්ටුව පොලිසියේ පහරදීමකින් සිසුවෙකු රෝහලේ

ආරච්චිකට්ටුව පොලිසියේ ළමා හා කාන්ත කාර්යාංශයේ ස්ථානාධිපතිනිය පහරදීම හේතුවෙන් තුවාල ලැබූ දරුවෙකු හලාවත මහා රෝහලට ඇතුලත් කර ඇතිබව අප වාර්තාකරු පවසනවා.

මෙලෙස පහර කෑමට ලක්ව ඇත්තේ ආරච්චිකට්ටුව ග්‍රාමයේ පදිංචි 17 හැවිරිදි දරුවෙක් බවද සඳහන්.

ආදර සම්බන්ධතාවයක් පිලිබදව පැමිණිල්ලක් ලැබී ඇති බව කියමින් මෙම දරුවාව පොලිසියට කැදවා ඇති ඇතත්, පොලිසිය ප්‍රශ්නකර ඇත්තේ ස්ථානාධිපතිනියගේ දරුවාට සිගරට් ලබාදීමක් පිළිබඳව‍යි.

ස්ථානාධිපතිනියගේ දරුවාව මීට පෙර දැක නොමැති බවත් ස්ථානාධිපතිනියගේ දරුවා තමන් දුටුවේත් එම මොහොතේ බවත් එහිදී එම දරුවා පොලිසියට පවසා ඇති බවද අප වාර්තාකරු සඳහන් කළා.

වරද පිළිගන්නා ලෙසත්, එසේ නොමැතිනම් දින 14කට රිමාන්ඩ් කරන බවත් පොලිස් ස්ථානාධිපතිනිය එම දරුවාට පවසා ඇති බවද අප වාර්තාකරු පවසා සිටියා.

මේ සම්බන්ධයෙන් දරුවාගේ පියා හලාවත පොලිස් අධිකාරිවරයාට පැමිණිලි කිරීමෙන් පසු ඔහු නියෝග කර ඇත්තේ මේ දරුවා වරදක් කර නොමැති නම් මුදා හරින ලෙසයි.

ඒ අනුව දරුවා මුදා හැරීමට ආරච්චිකට්ටුව පොලිසිය කටයුතු කර ඇති බවද සඳහන්.

මේ සම්බන්ධයෙන් හලාවත රෝහල් පොලිසියටද පැමිණිලි කර ඇති අතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමටද දරුවාගේ පාර්ශ්වයෙන් පැමිණිල්ලක් ගොණුකර තිබෙනවා.