ලොව ප්‍රසිද්ධම Electronic Dance සංගීත සැණකෙලියක් වන Tomorrowland හි ඉදිකිරීම් සිදුකරමින් තිබූ ප්‍රධාන වේදිකාව ගිනිගෙන සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව මෙම සංගීත සැණකෙලිය හෙට (18) බෙල්ජියමේදී ආරම්භ කිරීමට නියමිතව තිබියදී මෙම ගින්න ඇතිවී තිබෙන බවයි වාර්තා වෙන්නේ.
ගින්නට හේතුව මේ වනතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් කිසිවෙකුට හානි සිදුව නොමැති බවත් විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.
සතිඅන්ත දෙකක් පුරා පැවැත්වෙන මෙවර සංගීත සැණකෙලිය සඳහා 400,000 කට අධික පිරිසක් පැමිණෙතැයි සංවිධායකයින් අපේක්ෂා කර තිබෙනවා.