හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේදී මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයන් සිව්දෙනෙකු තුවාල ලබා කොටගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
අද (17) උදෑසන 8.00ට පමණ හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, කොටගල උමං මාර්ගය ආසන්නයේදී මෙම අනතුර සිදුව ඇති අතර, ත්‍රිරෝද රථයේ ගමන් ගත් පිරිස නිට්ටඹුවේ සිට සංචාරයක් සඳහා නුවරඑළිය බලා ගමන් කරමින් සිට ඇති බවයි සඳහන් වන්නේ.
නුවරඑලියේ සිට කොළඹ දක්වා ධාවනය වූ, ඉදිරියෙන් පැමිණි මෝටර් රථයේ රියදුරාට නින්ද යෑමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පූර්ව පරීක්ෂණවලින් නිගමනය කළ හැකි බවට පොලීසිය සඳහන් කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.