මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය ජූලි 25 වැනිදා සිට ආරම්භ කිරීමට නියමිත බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පවසනවා.
ඒ අනුව, ජූලි 25 වන දින කප් සිටුවීමෙන්, මෙවර පෙරහැර මංගල්‍යයේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බවයි ඔහු සඳහන් කළේ.
අනතුරුව ජූලි මස 30 වැනිදා සිට දින 10ක කාලයක් කුඹල් පෙරහැර සහ රන්දෝලි පෙරහැර වීථි සංචාරය කිරීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.