ශ්‍රී ලංකා විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සලකා බැලීම සඳහා යටිතල පහසුකම් සහ උපායමාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද (17) යළි රැස්වීමට නියමිතව තිබෙනවා.
පසුගිය 15 වන දින, විදුලිබල සංශෝධන පනත් කෙටුම්පත මෙම කාරක සභාවේදී පළමු වරට සලකා බැලීම සිදුකළ අතර, එහිදී මහජන උපයෝගිතා කොමිෂන් සභාව මෙම පනත් කෙටුම්පත සංශෝධනය කිරීමට අදාළව ඉදිරිපත් කර තිබුණු යෝජනා සහ නිර්දේශ කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබෙනවා.
නීතිපති දෙපාර්තමේන්තුව ද ආංශික අධීක්ෂණ කාරක සභාව හමුවේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් දැක්වීමක් සිදු කර ඇති අතර, එකඟ වූ සංශෝධන ද සමඟ පනත් කෙටුම්පත භාෂා ත්‍රිත්වයෙන්ම මුද්‍රණය කර, අද දිනයේදී අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට තීරණය වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.