කොළඹ, හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ කාන්තාවක් සතුව තිබී රන් ආලේපිත ගිනි අවියක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එම සැකකාරිය ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින විශාඛා අයිරාංගනී විරකෝන් නමැති සැකකාරිය වෙනුවෙන් ඉදිරිපත් කර තිබූ ඇප ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව, කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න විසින් අද (17) මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වෙන්නේ.
ඒ අනුව, අදාළ සැකකාරිය රුපියල් 250,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය විසින් නියෝග කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.