පසුගියදා බොරැල්ල පොලිස් වසමේ සර්පන්ටයින් පාර ප්‍රදේශයේදී වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන්, ඊට අනුබල දුන් පුද්ගලයින් දෙදෙනෙක් බොරැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (16) සවස් කාලයේදී බොරැල්ල පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අපරාධයට යොදා ගත් ත්‍රිරෝද රථයක් සමඟ එක් සැකකරුවෙකු සහස්පුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
අත්අඩංගුවට ගත් එම සැකකරු වයස අවුරුදු 30ක් වන ඉඹුල්ගස්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, මෙම සැකකරුගෙන් අනාවරණය වූ තොරතුරු මත මෙම අපරාධයට ආධාර අනුබල දුන් තවත් සැකකරුවෙකු ඊයේ සවස් කාලයේදීම බොරැල්ල පොලිස් වසමේ සීවලි පටුමග ප්‍රදේශයේදී, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 115 සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගිය ජූලි 08 වැනිදා වෙළෙඳසැලක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබුණා.