නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය සහ සෞන්දර්යය විෂයයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින්, අධ්‍යාපනය සහ දරුවන්ගේ ජීවිත දේශපාලනයට භාවිතා නොකරන ලෙස අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ බස්නාහිර පළාත් අධ්‍යාපන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් අද (17) බස්නාහිර පළාත් සභා ශ්‍රවණාගාරයේ පැවති වැඩසටහනේදී අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ ඉතිහාසය, සෞන්දර්යය හා වෘත්තීය විෂයයන් හැදෑරීම අනිවාර්යය බවත්, මෙම ජාතික වැඩපිළිවෙල පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදු කිරීමකින් තොරව, සමහර පාර්ශ්ව විසින් ඉතිහාසය සහ සෞන්දර්යය විෂයයන් ඉවත් කර ඇති බවට අසත්‍ය ප්‍රචාර කරමින් සිටිනා බවයි ඇය පවසා සිටියේ.
මෙම විෂයයන් සම්බන්ධයෙන් විෂය ප්‍රවීණයන් සමඟ දින ගණනාවක් සාකච්ඡා කර, සෑම දරුවකුටම ඉතිහාසය හා මානුෂීය ගුණාංග වර්ධනය වන සෞන්දර්යය විෂයය හැදෑරීමට අවස්ථාවක් ලැබෙන ලෙස මේ ප්‍රතිසංස්කරණය සිදු කර තිබෙන බවත් අගමැතිවරිය සඳහන් කළා.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළ එම විෂයයන් හදාරන්නේ කෙසේද යන්න ඉදිරිපත් කර ඇති බවත්, රජය මෙම ප්‍රතිසංස්කරණ සිදු කරන්නේ අවබෝධයෙන් යුතුව බවයි අගමැතිවරිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.