කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී රුපියල් කෝටි 05කට අධික වටිනාකමින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඩෙන්මාර්ක් ජාතික තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය ඊයේ (16) රාත්‍රී බැංකොක් සිට ඉන්දියාවේ චෙන්නායි වෙත පැමිණ, පසුව කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇති අතර, හරිත මාවත ඔස්සේ ගුවන් තොටුපළෙන් පිටව යන විට ඇයගේ ගමන් මල්ලේ තිබී මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා.
ගමන් මල්ලේ ආහාර අඩංගු පැකට් 25ක් තුළ සූක්ෂ්ම ලෙස සඟවා තිබියදී කිලෝග්‍රෑම් 05යි ග්‍රෑම් 356ක් වූ මෙම කුෂ් මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
අත්අඩංගුවට ගත් සැකකාරිය අද දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.