සේවා ක්‍රියා­කා­ර­ක­ම්වල වේග­වත් වර්ධ­න­යක්

සේවා අංශ­යෙහි ශ්‍රී ලංකා ගැනුම් කළ­ම­නා­ක­රු­වන්ගේ දර්ශ­ක­යට අනුව මේ වසරේ ජූනි මාස­යේදී සේවා ක්‍රියා­කා­ර­ක­ම්වල වේග­වත් වර්ධ­න­යක් පෙන්නුම් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පව­සයි.

එය මේ වසරේ ජූනි මාස­යේදී දර්ශ­කාංක 61.9ක් වාර්තා කොට ඇත.

ව්‍යාපාර ක්‍රියා­කා­ර­කම් 2025 ජූනි මාස­යේදී ඉහළ යෑම සඳහා අංශ කිහි­ප­යක සිදු වූ වර්ධ­න­යන් හේතු විය. ඒ අනුව, ණය දීම් ඉහළ යෑම හේතු­වෙන් මූල්‍ය සේවා හා සම්බන්ධ ව්‍යාපාර ක්‍රියා­කා­ර­කම් අඛ­ණ්ඩව වර්ධ­නය විය.

වෘත්තීය සේවා, රක්ෂණ, ප්‍රවා­හන, වෙනත් පෞද්ග­ලික සේවා සහ දේපොළ වෙළෙ­ඳාම හා සම්බන්ධ ව්‍යාපාර ක්‍රියා­කා­ර­කම් ද ජූනි මාසය තුළ ධනා­ත්මක වර්ධ­න­යක් වාර්තා කළේය. කෙසේ වෙතත්, ජූනි මාසය තුළ අනෙ­කුත් අංශ­වල ව්‍යාපාර ක්‍රියා­කා­ර­කම් බොහෝ දුරට නොවෙ­නස්ව පැව­තිණි.

ප්‍රධාන වශ­යෙන්, මූල්‍ය සේවා­වන්හි සිදු වූ වර්ධ­න­යත් සමඟ 2025 ජූනි මාස­යේදී නව ව්‍යාපා­ර­වල ඉහළ යෑමක් දක්නට ලැබිණි.

සමා­ගම් කිහි­ප­යක සිදු වූ බඳවා ගැනීම් හේතු­වෙන් සේවා නියු­ක්තිය 2025 ජූනි මාස­යේදී ඉහළ ගියේය. මේ අතර, නිම කිරී­මට නිය­මිත කාර්ය­යන් පෙර මාස­යට සාපේ­ක්ෂව නොවෙ­නස්ව පැව­තුණු බව ද ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.