රටේ වත්මන් ජනයා මහන්සි වන්නේ අත සෙලවීමකින් තොරව කට සෙලවීමට පමණක් බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන පවසනවා.
අප දියුණු වෙනවා නම්, මුලින්ම ‘කාලකණ්ණිභාවයෙන්’ මිදිය යුතු බවත්, රටේ සිටි ආදි මුතුන් මිත්තන් ඉරෙන් හඳෙන් වැඩ ගත්තද, වර්තමානයේ බලා සිටින්නේ ‘ඉරට හඳට වැඩක් දෙන්නේ’ කෙසේද යන්න දෙස බවයි උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ.
බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් සංඛ්‍යාවෙන් 50% කට ආසන්න ප්‍රමාණයක් අස්වැසුම ප්රතිලාභ ලබන බවද, ඒ සඳහා තවත් පිරිස් ඉල්ලීම් ඉදිරිපත් කරන බවද, ඔවුන් ඉල්ලීම් ඉදිරිපත් කරන්නේ වැඩක් කිරීමකින් තොරව කෑමට බවද ඔහු ප්‍රකාශ කළා.
අස්වැසුම ලබා දෙන්නේ ජීවත්වීමට අපහසු අයට ජීවිතය ගෙන යාමට බවද, නමුත් අද එය විනාශයට හේතුවක් වී ඇති බවද දිස්ත්‍රික් ලේකම්වරයා පවසා සිටිනවා.
පසුගිය දිනක ලෝක බැංකුවේ නිලධාරීන් කණ්ඩායමක් අස්වැසුම සම්බන්ධයෙන් සමීක්ෂණයක් සඳහා බදුල්ල දිස්ත්‍රික්කයට පැමිණි බවත්, එහිදී අස්වැසුම ලැබෙන එක් නිවසකට ගොස් අස්වැසුමෙන් සිදු කරන්නේ කුමක්දැයි විමසූ විට එම නිවසේ පුද්ගලයා සඳහන් කළේ, <em>”ආ, ඒකට අතවත් තියලා නැහැ මහත්තයෝ”</em> යන්න බවත්, ඔහුට ලැබුණු රුපියල් 15,000 ක අස්වැසුම මුදල අවුරුද්දක් තිස්සේ එකතු කර, ප්‍රයෝජනයට ගෙන නොමැති බවත් බදුල්ල දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.