අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක අතවරයට ලක්කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් ප්‍රකාශයක් කිරීමට අධිකරණයේ අවසරය ලබාදෙන ලෙස සැකකාර හිටපු යුද හමුදා සෙබළා කළ ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
වින්දිත වෛද්‍යවරියට අපහාස කර, ඇය අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් අධිකරණය යොදාගෙන විවිධ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමට සැකකරු සැලසුම් සහගතව උත්සාහ දරමින් සිටින බව අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ උප පොලිස් පරික්ෂක ඒ.සී. දයානන්ද සඳහන් කර සිටියා.
මෙවැනි අසත්‍ය ප්‍රකාශ සිදුකොට, ඒ පිළිබඳව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරයක් ලබාගෙන, වින්දිත වෛද්‍යවරිය අපහසුතාවට පත් කිරීමට සැකකරු වේතනාන්විතවම උත්සාහ දරමින් සිටින බවද, මීට පෙරද සැකකරු විවෘත අධිකරණයේදී තමන් වෛද්‍යවරිය දූෂණය කළේ බලහත්කාරයෙන් නොවන බවට මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයක් සිදුකළ බවද උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණය හමුවේ සඳහන් කර තිබෙනවා.
මෙම අපරාධය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු යුද හමුදා සෙබළෙක් වන සැකකරු ජූලි 29 වන දින දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.