වැලිගම ප්‍රාදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරයෙක් වන නීතිඥ තාරක නානායක්කාරගේ නිවසට අද (16) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.
එම වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර, වැලිගම පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.