බිත්තර මිල අඩු කරයි

සුදු බිත්තරයක ගොවිපොළ මිල රුපියල් 28 සිට 26 දක්වාත් රතු බිත්තරයක ගොවිපොළ මිල රුපියල් 30 සිට 28 දක්වාත් අඩු කර ඇතැයි සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි.

බිත්තර තොග මිල ලෙස සුදු බිත්තරයක් රුපියල් 29ක් වශයෙන් සහ රතු බිත්තරයක් රුපියල් 31ක් ලෙසින් පසුගියදා පැවති මිල තීරණය කිරීමේ කමිටුවේදී ප්‍රකාශයට පත් කර ඇති බව ද හෙතෙම කියා සිටියේය.

පසුගිය සතියේ සුදු බිත්තරයක මිල රුපියල් 35 ඉක්මවා තිබිණි.