පාසල්වල සිටින අතිරික්ත ගුරුවරුන් සම්බන්ධයෙන් කඩිනමින් වාර්තා ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී තිබෙනවා.
අඩු සිසුන් සංඛ්‍යාවක් සිටින ඇතැම් ග්‍රාමීය පාසැල්වල ගුරුවරුන් අතිරික්ත සංඛ්‍යාවක් සිටින බවට තොරතුරු වාර්තා වී ඇති බවයි අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය මධුර සෙනෙවිරත්න සඳහන් කළේ.
එසේම, ඇතැම් පාසල්වල ගුරු හිඟයක් පවතින බවත්, මෙය මෙරට ගුරු තුලනය සම්බන්ධයෙන් දැඩිව බලපාන කරුණක් බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.