හාවර්ඩ් විශ්ව විද්‍යාලයට ගොස් ලබාගන්නා දැනුමට වඩා හොඳ සමාජ අවබෝධයක් පසුගිය දින 54 තුළ තමාට ලබා ගැනීමට හැකියාව ලැබුණු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක පවසනවා.
ඒ අනුව, වසර 25 ක තමාගේ දේශපාලන දිවිය තුළ තමාට සතුටුම දින 54 වනුයේ සිරගතව සිටි කාලය බවයි අද (15) ඇප ලැබීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
ගතවූ දින 54 තුළ ලබාගත් සමාජ අවබෝධය තමාගේ අවුරුදු 46 ක ජීවිත කාලය තුළ ලබා ගැනීමට නොහැකි වූ බවත්, තමා සිරගත වූ කාලයේ සිටියේ LTTE ත්‍රස්තවාදීන්, ප්‍රධාන පාතාල කණ්ඩායම්වල සාමාජිකයින්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයින් සමග බවත්, මේ සියලු දෙනා සමඟම සිටිමින් හොඳ අවබෝධයක් ලබා ගැනීමට හැකිවූ බවත්, ඔවුන් සමඟ තමන් එක බත්පත බෙදාගෙන කෑ බවත් ඔහු ප්‍රකාශ කළා.
දින 54 කට පසු යළි දේශපාලන කටයුතු ආරම්භ කිරීමට හැකිවීම සම්බන්ධයෙන් සතුටක් තිබුණ ද, තමන් දින 54 ක් ගත කළ යහලුවන් කණ්ඩායමෙන් වෙන්වීමට සිදුවීම කණගාටුදායක බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.