තාක්ෂණික දෝෂයක් හේතුවෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු අද (16) පෙරවරු 10.00ට පමණ ඇණහිට තිබෙනවා.
තැරැව්කාර සමාගම් බොහොමයක තැරැව්කාර ඇණවුම් කළමනාකරණ පද්ධති (Order Management Systems – OMS) අසාර්ථක වීම හේතුවෙන් මෙලෙස වෙළෙඳපොළ ක්‍රියාකාරකම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබුණා.
කෙසේ නමුත්, පෙරවරු 10.40 ට පමණ දෛනික ගනුදෙනු නැවත වරක් ආරම්භ කර ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.