ටෙස්ලා ඉන්දීය වෙළදපළට

ටෙස්ලා සමාගම ඉන්දීය වෙළෙදපොළ වෙත නිල වශයෙන් පිවිසීම සනිටුහන් කරමින් මුම්බායි නුවරදී එම සමාගමේ පළමු ප්‍රදර්ශනාගාරය විවෘත කර තිබෙනවා.

එම ප්‍රදර්ශනාගාරය විවෘත කරමින් ටෙස්ලා සමාගමේ නවතම මෝටර් රථයද ඉන්දීය වෙළෙදපොළ වෙත හඳුන්වාදීමද සිදුකෙරුණා.

එහිදී මොඩ්ල් වයි වර්ගයේ මෝටර් රථයේ මිල දැක්වුණේ ඇමෙරිකානු ඩොලර් 70,000ක් ලෙසයි.

ඒ අනුව තෙවන කාර්තුවේ සිට ඉන්දියාව පුරා ටෙස්ලා මෝටර් රථ බෙදාහැරීම ආරම්භ කිරීමට නියමිතයි.