ජපානයේ තවත් රැකියා අවස්ථා කිහිපයක්

මෙරට තරුණ තරුණියන්ට ජපානයේ තවත් රැකියා අවස්ථා කිහිපයක් සඳහා දොරටු විවෘත වී තිබෙනවා.

ඊට අදාළ ගිවිසුම් මේ වන විට අත්සන් කර ඇති අතර, හෙද සත්කාර ක්ෂේත්‍රයේ රැකියා සඳහා ඒ යටතේ ඉහළ අවස්ථා හිමි වනු ඇති.

ඒ අනුව අද දිනයේ තරුණියන් පිරිසක් ජපානය බලා පිටත්ව යාමට නියමිත බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ.

2023 වසරේ අත්සන් කරන ලද ගිවිසුම්වලට අනුව සාත්තු සේවා, ඉදි කිරීම්, නිෂ්පාදන, කෘෂිකර්ම යන ක්ෂේත්‍ර සදහා 589 දෙනෙකු මේ වන විට ජපානය වෙත යොමු කර තිබෙනවා.