කහවත්තේදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ආධාර සහ අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයින් 04 දෙනෙකු බස්නාහිර පළාත් (උතුරු) අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව, අත්අඩංගුවට ගත් පුද්ගලයින් සතුව තිබුණු ජීප් රථයක් සහ මාංචු යුගලයක් ද අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
පසුගියදා කහවත්ත ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ඔත්තු සැපයූ බවට තරුණයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස්, එක් තරුණයෙකු ඝාතනය කර, අනෙක් තරුණයාට තුවාල සිදු කර තිබුණා.