online ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීමේ ව්‍යාපෘතිය මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය

විදේශයන්හි පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල /කාර්යාල 20ක් මඟින් මාර්ගගත ක්‍රමවේදය (online) ඔස්සේ විදේශ ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා වන ව්‍යාපෘතිය මෙම වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඒ අනුව, දූත මණ්ඩල / කාර්යාල 20ක් ආවරණය වන පරිදි ජෛවමිතික ග්‍රහණ මධ්‍යස්ථාන සහ ඒ ආශ්‍රිත උපකරණ සැපයීම, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සමඟ මාර්ගගත සම්බන්ධතාව පහසු කිරීම සහ ඒකාබද්ධ වීමට අදාළ පද්ධති හා මෘදුකාංග සංවර්ධනය හා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීම සඳහා වන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස සංක්‍රමණ සඳහා වන ජාත්‍යන්තර සංවිධානය විසින් අවශ්‍ය අරමුදල් සපයා දීමට එකඟතාව පළ කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම මඟින් විදේශගත ශ්‍රී ලාංකිකයින් සඳහා ඩිජිටල් තාක්ෂණය භාවිත කර විදේශ ගමන් බලපත්‍ර කඩිනමින් හා පහසුවෙන් ලබා ගැනීමට පහසුකම් සැලසීම අරමුණු කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

අදාළ කැබිනට් තීරණය පහතින්.

 news images