මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැදී කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණය හමුවේ ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, මෙම නඩුව අද (15) කැඳවූ අවස්ථාවේදී තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ‘හරක් කටා’ නැමැති විත්තිකරු දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණු බවයි සඳහන් වන්නේ.
මෙහිදී රජයේ නීතිඥවරයාගේ මෙහෙයවීම මත පැමිණිල්ලේ සාක්ෂි සටහන කර ගැනීම සිදුවූ අතර, ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය සැප්තැම්බර් 01 වැනිදා තෙක් කල් තබා තිබෙනවා.