ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවට නව බලවේග කට්ටල 05 ක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
දැනට භාවිතයේ ඇති බලවේග කට්ටල වසර 20කට වැඩි කාලයක් සේවයේ යොදවා ඇති අතර, ඒවායේ නිතර ක්‍රියා විරහිතවීම් සහ බිඳවැටීම් වාර්තා වන බවයි අදාළ කැබිනට් තීරණයේ දැක්වෙන්නේ.
වර්තමාන දුම්රිය සේවාව තිරසාරව පවත්වාගෙන යාම සඳහා අවම වශයෙන් බලවේග කට්ටල 96 ක් අවශ්‍ය වන අතර, එම පරිමාණය සපුරාලීම සඳහා වත්මන් කට්ටල සංඛ්‍යාව ප්‍රමාණවත් නොවන බවද සඳහන්.
ඒ අනුව, තදාසන්න සහ දුර ගමන් දුම්රිය සේවා වැඩිදියුණු කිරීම සඳහා බලවේග කට්ටල 05 ක් ප්‍රසම්පාදනය කිරීම පිළිබඳව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
අදාළ කැබිනට් තීරණය පහතින්.