ව්‍යාජ මුදල් නෝට්ටු සමග කාන්තාවක් අත්අඩංගුවට

ඊයේ (14) සවස මොරටුව නගරයේදී ව්‍යාජ රුපියල් 5,000/- මුදල් නෝට්ටු 10 ක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගත් බව මොරටුව පොලිස් ස්ථනය පවසයි.

සැකකාරිය වයස අවුරුදු 52 ක මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.

එහිදී වැඩිදුර ප්‍රශ්න කිරීමේදී සැකකාරියගේ නිවසේ තිබී මෙම ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම සඳහා යොදාගත් මුද්‍රණ යන්ත්‍රයක් හා ව්‍යාජ රුපියල් 5,000/- මුදල් නෝට්ටු 25 ක්, රුපියල් 1,000/- නෝට්ටු 08 ක්, රුපියල් 100 නෝට්ටු 01 ක් හා රුපියල් 20 නෝට්ටු 02 ක් සොයාගෙන ඇති බව වාර්තා වනවා.

මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.