රුපියල් 3,000ක අල්ලසක් ගත් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

රුපියල් 3,000ක අල්ලස් මුදලක් ලබා ගත් පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව, රද්දොළුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් සිදුකරන ලද පැමිණිල්ලකට අදාළව, අල්ලස් කොමිසම විසින් අදාළ පොලිස් නිලදාරියා අත්අඩංගුවට‍ ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

පැමිණිලිකරුගේ රථවාහන වරදක් සම්බන්ධයෙන් ඔහුගේ රියදුරු බලපත්‍රය භාරයට ගෙන, ඒ සඳහා නීති මගින් කටයුතු නොකර රියදුරු බලපත්‍රය ආපසු ලබාදීම සඳහා රුපියල් 3,000ක අල්ලස් මුදලක් අදාළ පොලිස් නිලධාරියා විසින් ලබාගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.

අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.