රුසියාවට සියයට සියයක ඉතා දැඩි ද්විතීයික තීරු බදු හඳුන්වාදෙන බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවනවා.
ඔහු කියා සිටියේ දින 50ක් ඇතුළත යුක්‍රේනය සමග සටන් විරාම ගිවිසුමකට නොඑළඹෙන්නේ නම් මෙම ද්වීතික තීරු බද්ද ක්‍රියාත්ම කිරීමට සූදානම් බවයි.
එමෙන්ම නේටෝ රටවල් හරහා යුක්‍රේනයට ඉහළම පෙළේ අවි යවන බවද ට්‍රම්ප් නිවේදනය කළා.
මේ අතර රුසියානු ආක්‍රමණයකට එරෙහිව සටන් කිරීමට සහාය වීමක් ලෙස යුක්‍රේනයට පේටි්‍රයම් ගුවන් ආරක්ෂක මිසයිල යවන බවද ඔහු ඊයේ ප්‍රකාශ කළා.
කෙසේවෙතත් මිසයිල කොපමණ සංඛ්‍යාවක් යුක්‍රේනයට ලබාදෙන්නේ ද යන්න ඇමරිකාව මෙතෙක් ප්‍රකාශ කර නොමැති අතර, නේටෝව විසින් ඒ සඳහා වූ අරමුදල් සපයනු ඇති.