ශ්‍රී ලංකාවේ අන්තර්ජාල අවකාශය සහ ඩිජිටල් පද්ධති සුරක්ෂිත කිරීම සඳහා වන නව ජාතික සැලැස්මකට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව, “ශ්‍රී ලංකාවේ ජාතික සයිබර් ආරක්ෂණ ක්‍රමෝපාය 2025-2029” ලෙස නම් කර ඇති මෙම නව වැඩපිළිවෙළ, ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබෙනවා.
මීට පෙර, 2019 සිට 2023 දක්වා ක්‍රියාත්මක වූ පැරණි සයිබර් ආරක්ෂණ සැලැස්ම පදනම් කර ගනිමින්, ලෝක බැංකුවේ සහාය ඇතිව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) විසින් මෙම නව සැලැස්ම සකස් කර ඇති බවයි සඳහන් වන්නේ.
ශ්‍රී ලංකාවේ සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් වන සිවිල් ක්ෂේත්‍රයන් පමණක් ආවරණය වන පරිදි, නෛතික හා නියාමන රාමු වැඩිදියුණු කිරීම, දැනුම වැඩි කිරීම, සයිබර් ආරක්ෂණ සූදානම වැඩිදියුණු කිරීම හා ප්‍රතිචාර දැක්වීමේ හැකියාව ශක්තිමත් කිරීම සහ සහයෝගිතාව වැඩි කිරීම යන කරුණු පදනම් කරගෙන මෙය කෙටුම්පත් කර ඇති බව වැඩිදුරටත් දැක්වෙනවා.
අදාළ කැබිනට් තීරණය පහතින්.