තද සුළං සහ රළු මුහුද පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා මෙම අනතුරු ඇඟවීම නිකුත් කර ඇති අතර, එම ප්‍රදේශවල වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50 – 60ත් අතර වැඩිවෙන අතර, මුහුදු ප්‍රදේශ රළු හෝ ඉතා රළුවිය හැකි බවයි සඳහන් වෙන්නේ.
මේ අතර, මුහුදු රළ උස මීටර් 2.5 – 3 අතර පමණ ඉහළ යා හැකි බැවින් පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවයි සඳහන් වෙන්නේ.
මේ තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙන්නේ.
අදාළ නිවේදනය පහතින්.