අග්නිදිග විශ්ව විද්‍යාලයේ ගැටුමකින් සිසුන් 04 ක් තුවාල ලබයි

අග්නිදිග විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ පළමු වසරේ සිසුන්ට ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් පහරදීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව, මෙම පහරදීමෙන් තුවාල ලැබූ සිසුන් සිව්දෙනෙකු සහ රියදුරෙක් ඇතුළු පස්දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මීට පෙරද නවක වධය ලබාදීමේ සිදුවීමක් මුල්කර ගනිමින් එම විශ්ව විද්‍යාලයේම සිසුන් 22කගේ පංති තහනම් කිරීමට විශ්ව විද්‍යාල බලධාරීන් පියවර ගෙන තිබුණා.