වෙඩි වැදී පීඩා විඳිමින් සිටි භාතිය හස්තිරාජයා අද උදෑසන සිය අවසන් සුසුම් හෙළා තිබෙන බව වාර්තා වෙනවා.
අද (15) පෙරවරුවේ හස්තියා මියගිය බවයි වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය අධ්යක්ෂ තාරක ප්‍රසාද් සඳහන් කළේ.
දින 8 කට වැඩි කාලයක් හස්තියාට ප්‍රතිකාර කටයුතු සිදු කරමින් සිටියදී මෙලෙස මියගොස් තිබෙනවා.