අද මධ්‍යම රාත්‍රියේ සිට තැපෑල වර්ජනයක

අද මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් කාර්යාල සහ පාලන කාර්යාලවල අතිකාල වර්ජන ක්‍රියාමාර්ගයක් දියත් කරන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසනවා.

බඳවාගැනීමේ ක්‍රමවේදයේ පවතින ගැටලුවලට විසදුම් ඉල්ලමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි එම පෙරමුණේ සම කැදවුම්කරු චින්තක බණ්ඩාර සඳහන් කළේ.