වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා නොදුන් රාජ්‍ය නිලධාරීන්ගෙන් අද (14) දිනයෙන් පසුව දඩ අයකර ගැනීමට කටයුතු කරන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසනවා.
ඒ අනුව මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇති බවත්, දඩ ලබාගැනීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කිරිමට නියමිතව තිබෙන බවයි එම කොමිෂන් සභාව සඳහන් කරන්නේ.
පසුගිය ජුනි 30 වන දින වන විට වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් රජයේ නිලධාරීන්ට එම ප්‍රකාශ ලබාදීම සඳහා තවත් සති 02 ක සහන කාලයක් හිමි වූ අතර, අදාළ සහන කාලය අද දිනයෙන් අවසන් වන බවත්, එම කාලය තුළ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදුන් නිලධාරීන්ට අවවාද ලිපි නිකුත් කරනු ලබන බවයි එම කොමිසම සඳහන් කළේ.
මේ වනවිටත් වත්කම් බැරකම් ප්‍රකාශ භාර නොදුන් නිලධාරීන්ගේ නම් ඇතුළත් ලැයිස්තුව ආයතන ප්‍රධානීන් විසින් ඉදිරි දිනවලදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශණ කොමිෂන් සභාවට යොමු කළ යුතු බවත්, නව දූෂණ විරෝධී පනත ප්‍රකාරව එම නිලධාරීන්ගෙන් දඩ අය කර ගැනීමට නියමිත බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ.