මහරගම නාවින්න ප්රදේශයේ දී අද (14) උදෑසන 6ට පමණ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයන් හතර දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව මහරගම පොලීසිය සඳහන් කරයි.
නාවින්න පිහිටි බස්රථ නැවතුම්පොළේ සිට ප්රධාන මාර්ගය දෙසට එක් බස් රථයක් ඇතුළු කිරීමේදී, ප්රධාන මාර්ගයේ මහරගම දෙස සිට කොළඹ දෙසට ධාවනය වූ තවත් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබුණි.
මේ වනවිට එක් බස් රථයක් පොලිස් භාරයට ගෙන ඇති අතර මහරගම පොලීසිය මඟින් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරමින් පවතී.
තුවාලකරුවන් මේ වනවිට කළුබෝවල රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.